විදුලි ගාස්තු සහනය ඔබට ලැබෙනවද.? සංශෝධිත ගාස්තු සහනය සම්බන්ධයෙන් අලුතින්ම කරන්න හදන දේ..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines
By Sewvandhi Jan 28, 2025 02:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ, සංශෝධිත විදුලි ගාස්තුවේසහනය ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සම්බන්ධයෙන්වන සාකච්ඡාවක් එළඹෙන 31වන දා පැවැත්වීමට නියමිත බවයි.

එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, අදාළ සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසඳය කැඳවා ඇති බවය.

පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6 ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සමස්ථයක් ලෙස සියයට 20 කින් අඩු කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව 0-30ත් අතර ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩු වු අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21කින් විදුලි ගාස්තු අඩු කෙරුණු අතර හෝටල් සඳහා සියයට 31කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා සියයට 30කින්ද විදුලි ගාස්තු අඩු කළ අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු සියයට 12කින් අඩුකර කළේය.

රාජ්‍ය ආයතන සහ වීථි ලාම්පු සඳහා සියයට 11කින්ද ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගනු ලැබීය.

You may like this video 👇



ReeCha