වහාම සිදුකරන විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීරණයක්..

Report

එළඹෙන සඳුදා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව රැස්වීමට නියමිතය.

පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණි.

එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇත.

අනතුරුව සති 03 ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. එම කාලයෙන් පසු මහජන අදහස් විමසීමේ සැසිය පවත්වනු ඇත.

අනතුරුව සියලු යෝජනා එක් කර නව යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදීමට නියමිතය.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාදුන් වහාම විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමට කටයුතු කරන බවයි, අද පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

Sponsored By Sarrita Jewellery

වහාම සිදුකරන විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීරණයක්.. | Electricity Bill Changed Sri Lanka