අද සිට විදුලි ගාස්තුව අඩු වන්නේ මෙහෙමයි.

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Jun 30, 2023 11:05 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව විසින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇත.

ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක් සිදු කෙරෙන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ.

ඒ අනුව මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කිරීමට නියමිතයි.

ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇත.

කෙසේවෙතත්, ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක් සිදු කෙරන අතර අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින් ද රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ.