14 වෙනිදා ඡන්දෙ දාන්න ඉන්න සියලු දෙනාට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැනුවත්ව යන්න.
කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8ක් වලංගු වන බවයි, එහි සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (08) දිනයෙන් අවසන් වුණා.