අද හවස 3.00 වෙද්දි මේ දේ කළයුතුය..අනුර,සජිත්,නාමල්,රනිල් ඇතුළු පිරිසක් ඒ අතර ?..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Sajith Premadasa Election Sri Lanka Presidential Election 2024
By Aruna Oct 13, 2024 01:18 AM GMT
Aruna

Aruna

Report

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සිය ආදායම් වියදම් වාර්තා අද (13) පස්වරු 3.00 ට පෙර මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටිනවා.

ඉකුත් බ්‍රහස්පතින්දා (10) වන විටදී ආදායම් වියදම් වාර්තා භාරදී තිබුණේ අපේක්ෂකයන් 13 දෙනකු පමණක් බවයි පැවසෙන්නේ.

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..


ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් තරග කළ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක කේ.ඒ. කුලරත්න, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විජයදාස රාජපක්ෂ, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අබූබකර් මුහම්මුදු ඉන්ෆාස්, නව සම සමාජ පක්ෂයේ ප්‍රියන්ත වික්‍රමසිංහ, ස්වාධීන අපේක්ෂක බියන්විලගේ ඇන්ටනි වික්ටර් පෙරේරා, ජාතික සංවර්ධන පෙරමුණේ සරත් බණ්ඩාරනායක, එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනක රත්නායක, ස්වාධීන අපේක්ෂක කේ.කේ.පියදාස, ස්වාධීන අපේක්ෂක සරත් ෆොන්සේකා, සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන ජනාධිපති මැතිවරණ ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට භාරදී තිබේ.

එම අපේක්ෂකයන් සිය ආදායම් වියදම් වාර්තා භාරදී තිබුණද, ඔවුන් නියෝජනය කළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, ජාතික සංවර්ධන පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය යන දේශපාලන පක්ෂ මෙතෙක් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නැත.

අද වාසනාවෙ දොර ඇරලා පේනවා..ලග්න 06 කට මල් 07යි..

අද වාසනාවෙ දොර ඇරලා පේනවා..ලග්න 06 කට මල් 07යි..


මේ අතර ජනධිපති අනුර කුමාර දිසානායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, අරියනේත්තිරන් පාක්‍යසෙල්වම්, ව්‍යවසායක දිලිත් ජයවීර, දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක, අනුරුද්ධ පොල්ගම්පොල, සරත් කීර්තිරත්න, කේ. ආර්. ක්‍රිෂාන්, ප්‍රසන්න සුරංජීව අනෝජ් ද සිල්වා, නාමල් රාජපක්ෂ, අක්මීමන දයාරතන හිමි, නුවන් බෝපගේ, අජන්ත ද සොයිසා, වික්ටර් පෙරේරා, සිරිපාල අමරසිංහ, කීර්ති වික්‍රමරත්න, ඕෂල හේරත්, රොෂාන් රණසිංහ, ලලිත් ද සිල්වා, සිඩ්නි ජයරත්න, මයිල්වානම් තිලකරාජ්, සරත් මනමේන්ද්‍ර, ඒ. එස්. පී. ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා වන විට සිය මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දී නොතිබිණි.