මැතිවරණය සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්...
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ, නීතියට අනුව පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ, අද (07) පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින්. අගමැතිවරයා කියා සිටින්නේ මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ව කැඳවා, අද (07) දින සාකච්ඡාවක් කිරීමට නියමිත බව යි.
ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ, ඉන් අනතුරු ව බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මේ මස 19 වන දා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන ද බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසා සිටියා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තවදුරටත් මෙසේ අවධාරණය කර සිටියා.
"ගරු කථානායකුමනි, අපේ මාතර දිස්ත්‍රික්ක ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයම විපක්ෂ නායකතුමාත් 27/2 යටතේ අසා තිබෙනවා.
ඉතිං විපක්ෂ නායකතුමත් අහන්නේ ඔය ප්‍රශ්නනයම තමයි අන්තිමට.
ඒ ගැන, නිතීය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුළුවන්. මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා කැදවලා අද සාකච්ඡා කීරීම අනුව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුළුවන් වන්නේ."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
