තත්ත්වය දරුණුයි - කතෝලික සභාව කැළඹෙයි - පොලිසියට විරුද්ධව පැමිණිලි

Report

සති අන්තයේ මීගමුවේදී පූජකවරයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වන බව කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක පූජ්‍ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ (25) දින ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ , පොලිස් නිලධාරීන් විසින් මීගමුවේදී පහරදීමට ලක්වූ පූජ්‍ය මිලාන් ප්‍රියදර්ශන පියතුමා වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට කටයුතු කරන බවයි.

කතෝලික පියතුමාට තඩිබාපු පොලිසිය රිමාන්ඩ්

කතෝලික පියතුමාට තඩිබාපු පොලිසිය රිමාන්ඩ්

යතුරුපැදිවලින් පැමිණි නිලධාරීන් පියතුමා වටලා පහර දුන් බවත්, නතරවන ලෙසට පොලිසියෙන් කිසිදු අණක් නොලැබුණු බවට පූජ්‍ය ප්‍රියදර්ශන පියතුමා අවධාරණය කළද, එම අණට අකීකරු වූ බවට පොලිසිය ඔහුට චෝදනා කළ බවත්ය.

පූජ්‍ය ප්‍රියදර්ශන පියතුමා මේ වන විට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිසියටම විනයක් නොමැතිනම් ඔවුන් සමාජය විනයගරුක කරන්නේ කෙසේදැයි පූජ්‍ය ප්‍රනාන්දු පියතුමා ප්‍රශ්න කර ඇත.

මොන අපරාධයක්ද? කතෝලික පියතුමෙක්ව වටකරන් පොලිසියෙන් ගහලා මහපාරේ දාලා

මොන අපරාධයක්ද? කතෝලික පියතුමෙක්ව වටකරන් පොලිසියෙන් ගහලා මහපාරේ දාලා