ආරම්භයෙදිම වාසිය ශ්‍රී ලංකාවට
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක විමත් දිනසර ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කර ඇත.
කාණ්ඩ දෙකක් යටතේ යටතේ පැවැත්වෙන සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයෙන් (Group 1) ශ්‍රී ලංකාව ක්‍රීඩාකරයි.
එසේම එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, බ.ඉ. කොදෙව්, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම්ද ඇතුළත්.
එමෙන්ම මෙහි දෙවන කාණ්ඩයට (Group 2) ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය හා සිම්බාබ්වේ සුදුසුකම් ලබා ඇත.