කර්මාන්තශාලාවක ගින්නක් - පස්දෙනෙකු අතුරුදහන්
එරට ගිනි නිවන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ග්‍රීසියේ ට්‍රිකාලා නගරය අසල පිහිටි ආහාර කර්මාන්තශාලාවක අද දින ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් උත්සාහ කරද්දී පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බවයි.
මීට පෙර පුද්ගලයන් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වුවද, පසුව එම තොරතුරු සංශෝධනය කර ඇති බවත් ගින්න හටගන්නා අවස්ථාවේදී කර්මාන්තශාලාව තුළ පුද්ගලයන් 13 දෙනෙකු සිට ඇති බවත් තොරතුරු වාර්තා වේ.
ඉන් අට දෙනෙකුට ආරක්ෂිතව ඉන් පිටතට පැමිණීමට හැකි වී ඇති අතර ගින්න මුළු කාර්මික පරිශ්‍රයම වෙලාගත් අතර අහසට ඝන කළු දුමාරයක් නිකුත් වී ඇත.
ගිනි නිවන භටයන් 40 දෙනෙකු සහ ගිනි නිවන රථ 13 ක් යොදවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කල අතර එම අවස්ථාවේදී ගොඩනැගිල්ලේ වහලය පුරා ගිනිදැල් පැතිර ඇත. අලුයම කාලයේදී හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි නැති බවත් ගින්න ඇතිවීමට පෙර විශාල පිපිරීමක ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා ඇත.