පිළිකා ඖෂධ වල ප්‍රශ්ණයක් - CIDයට පැමිණිලි

Report

අද (26) දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන මහත්වරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලමින්ය.

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

එම අවස්ථාවේදී වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ,

" පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවතියි.ලියාපදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ පවතිනවා. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා'' ලෙසයි.

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

එමෙන්ම බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මෙහිදී පවසා සිටියේය.