උත්සව සමයේ බිත්තරයක් ගිය උඩක්.

Egg
By Wayomi Dec 11, 2023 01:29 AM GMT
Wayomi

Wayomi

Report

උත්සව සමයත් සමඟ බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මේ වන විට බිත්තරයක් රුපියල් 55 ත් 60 ත් අතර මිලක් දක්වා ඉහළ දමා ඇත.

නමුත් නොවැම්බර් මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල් 40 ත් 42 ත් අතර මිලකට පැවැති අතර, පසුගිය සතියේදී සුදු බිත්තරයක මිල රුපියල් 44 ත් 46 ත් අතර මිලකට ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙන්දන් පවසන්නේ,ඉදිරි නත්තල් සමයේදී බිත්තර මිල තවදුරටත් වැඩිවනු ඇති බවයි.

එලෙස බිත්තර මිල ඉහළ යාම නිසා කේක් ඇතුළු රස කැවිලි වර්ගවලද මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇති බව බේකරි හිමියන් සඳහන් කරනවා.

ReeCha