නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතිකාවක්

Report

මාතර දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරය සංවිධාන කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කථිකාව සම්මන්ත්‍රණය පැවැත්වී ඇත.

මෙම සම්මන්ත්‍රණයට අමාත්‍ය අරුණ කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය එල් එම් අබේවික්‍රම කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන මහත්වරුන් එක්විය.

මේ අතර 6 ශ්‍රේණියට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ආරම්භ කරන ලෙස ඉල්ලා මහනුවර නගරයේ දී විරෝධතාවක් පැවැත්වුණ අතර මහනුවර කලාපයේ ගුරු එකමුතුව සහ 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන් විසිනුයි මෙය සංවිධාන කර ඇත. 

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මොවුන් එම කටයුතුවල නිරත වී ඇත.