පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90%කින් අවසන්....

Sri Lanka Parliament Tiran Alles Easter Attack Sri Lanka Ministry of Defense Sri Lanka Budget 2024 - sri lanka
By Hashini Nov 24, 2023 02:54 AM GMT
Hashini

Hashini

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු වලින් 90%ක් අවසන් කර ඇති බවයි.

ඊයේ (23) ආරක්ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90%කින් අවසන්.... | Easter Attack Investigation 90 Complete

එහිදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එරෙහිව ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක්ද, විරුද්ධව ඡන්ද 08ක්ද හිමි වුණා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂයන් අද (24) විවාදයට ගැනීමට නියමිතයි. 

තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..

තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..


ReeCha