භූ චලන වලින් වික්ටෝරියා ජලාශ වේල්ලට හානියක් නෑ-නමුත් වේල්ලේ සිට මීටර් 100ක් ඇතුළත හුණුගල් කැණීම් තහනම්?
'මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු සුළු භූ චලන තත්ත්වයන් සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව අද(05) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.
පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කිරීම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කරන ලදී. එම කමිටුව භූ විද්‍යාව සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් සහිත ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත විය. එම කමිටුවේ සභාපතිවරයා ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති
අනුර වල්පොළ මහතා කටයුතු කළේය. මෙම විශේෂඥ කමිටුව විසින් විමර්ශණය කළ කරුණු අනුව පසුගිය දිනවල වාර්තා වු සුළු භූ චලන තත්ත්වයන් මත කිසිසේත් දරුණු බලපෑමක් වික්ටෝරියා ජලාශ වේල්ලට සිදු වීමේ හැකියාවක් නැති බව පෙන්වා දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේය.
දැනට හෙළිකරගෙන ඇති කාරණා අනුව මෙම සුළු භූ කම්පන නිසා වික්ටෝරියා ජලාශයේ වේල්ලට කිසිදු බලපෑමක් සිදු විය නොහැකි බව කමිටුව විසින් පෙන්වා දී
ඇති නිසා මේ සම්බන්ධව සැනසුම් සුසුමක් හෙළිය හැකිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දැනට සිදුව තිබෙන භූ චලන සියල්ලම රිච්ටර් මාපකයේ 02ට අඩු අගයකින් වාර්තා වී තිබීමත්, ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවන් හිදී සිදුවන ස්වාභාවික කම්පන විශේෂයක් බවත් පෙන්වා දී තිබේ.
එහෙත් වික්ටෝරියා ජලාශ වේල්ල අවට හුනුගල් කැඩීම සඳහා සිදු කරන පිපිරවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වික්ටෝරියා ජලාශයේ සිට මීටර් 100ක් දක්වා කලාපය තුළ සිදු කරන හුණුගල් කැනීම් තහනම් කළ යුතුව ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී තිබේ.
