රුසියාවට ප්‍රබල භූ කම්පනයක්..ජපානයත් හෙල්ලෙයි..
Japan
Earthquake
World
Russia
By Aruna
රුසියාවට රිච්ටර් මාපාංක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
අමෙරිකානු භූ විද්‍යා හා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ, රුසියානු ඩොලින්ස්ක් නගරයේ සිට කිලෝමීටර් 150ක් නැගෙනහිර දෙසින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
රුසියානු වේලාවෙන් 14:28 ට පමණ Okhotsk මුහුදේ හටගත් රික්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනය කිලෝමීටර් 407 (සැතපුම් 253) පමණ ගැඹුරකදී සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
එම කම්පනය ජපානයට ද දැනී තිබෙනවා.
මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ මූලික වාර්තා තවම ලැබී නොමැති බවයි පැවසෙන්නේ.
මේ නිසා කිසිදු සුනාමි උපදේශනයක් ලබා දී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
