නවසීලන්තයේ දැවැන්ත භූමිකම්පාවක්
By R.rishma
නවසීලන්තයේ ඊයේ (29) සවස භූමිකම්පාවක් සිදුවිය.
මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.2ක් ලෙස ලියාපදිංචි විය.
නවසීලන්තයේ ඉන්වර්කාර්ගිල් නගරයට කිලෝමීටර් 300ක් දුරින්, මුහුදු බත්තලයේ කිලෝමීටර් 10ක් ගැඹුරෙන් මෙම භූමිකම්පාව හටගත්තේය.
භූමිකම්පාව හේතුවෙන් නිවාස කම්පනයට ලක්වීම නිසා ජනතාව බියට පත්ව ගෙවල්වලින් පිටතට ගොස් මාර්ගවල රැඳී සිටියහ. මෙම සිදුවීමෙන් සිදුවූ හානි පිළිබඳ විස්තර මෙතෙක් ලැබී නොමැත.