විදේශ කටයුතු අමාත්‍යංශය හදුන්වා දුන් නවතම e-Channeling Appointment පද්ධතිය..
By krishani
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දී ඇත.
ඒ අනුව කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සත්‍යාපන සේවා අපේක්ෂා කරන සේවා අපේක්ෂකයන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණ වේ.
සේවා ලබාගැනීමට අපේක්ෂා කරන අයට, 225 (ජංගම දූරකතන පරිශීලකයන්) හෝ 1225 (ස්ථාවර දූරකතන පරිශීලකයන්) යන දූරකතන අංක ඇමතීමෙන් සහ e-Channelling වෙබ් අඩවිය (www.echannelling.com) ඔස්සේ සිය සේවා වෙන් කරගැනීමට හැකියාව ඇත.
තව ද විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට (www.mfa.gov.lk) පිවිසීමෙන් ද අවස්ථාවක් වෙන් කරගැනීමේ හැකියාව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |