” මගේ කල වයසනම් හරි කියල අපේ අම්මාත් කියනවා, හැබැයි තාම මම එයට සූදානම් නැහැ” දුෂේනි මියුරංගි (PHOTOS)
වර්තමානය වනවිට ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත් අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ජනප්‍රිය වගේම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ.
ඇත්තෙන්ම වර්තමානයේ ඇයව අපට පාර දිගේ ටෙලි නාට්‍යයේ සරණි එහෙමත් නැතිනම් බන්ටි කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙනවා කෙසේවෙතත් එලෙස පාර දිගේ ටෙලි නාට්‍යයට සිය රංගන දායකත්වය ලබාදෙන ඇයට මේවෙනකොට හිමිව තිබෙනුයේ ඉහළ ජනතා ආකර්ෂණයක්.
ඒ කොහොම උනත් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා ඉතින් ඒ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ මම හරිම ලැජ්ජාශීලි කෙනෙක් කියලයි. ඒ වගේම ඉස්කෝලේ යන කාලේ මම ස්ටේජ් එකට නගින්නත් බයයි කියල කියන ඇය පවසන්නේ අදටත් මම සැබෑ ජීවිතේ පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න කෙනෙක් කියලයි.
තවද ඇය කියන්නේ මට යාළුවෝ ගොඩක් නැහැ කියලයි කොහොමහරි ඉතින් මේ දවස් වල මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියල කියන ඇය කියන්නේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි මම ප්‍රේක්ෂකයන්ගෙන් මේ තරම් ආදරණීය ප්‍රතිචාරයක් ලබන්නේ කියලයි. ඒ වගේම මම ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉදිරිපත් වෙලා අවසාන දොළොස් දෙනාට ආවට පස්සේ රංගන ක්ෂේත්‍රය මාව හොයාගෙන ආවා කියලයි ඇය පවසන්නේ ඉතින් ඊට පස්සේ මට 2017 වසරේදී මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරන්නත් අවස්ථාව ලැබුණා කියල කියන ඇය පවසන්නේ එම ජයග්‍රහණයෙන් පස්සේ මම ලෝක රූ රැජන තරඟය සඳහා ලංකාව නියෝජනය කරලා තියනවා කියලයි.
ඒ විතරක් නොවෙයි එතැනදී මම බොහෝ දේවල් ඉගෙනගත්තා කියල කියන ඇය කියන්නේ මම චීනයේ හිටපු මාස දෙකේ නිරූපණය ගැන කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලයි කොහොමහරි ඉතින් අම්මත් මගේ කල වයසනම් හරි කියල කියනවා කියන ඇය කියන්නේ හැබැයි තාම මම එයට සූදානම් නැහැ කියලයි.
ඒ වගේම විවාහයේදී සීයට සීයක් මම ඒකට කැමති විය යුතුයි කියල කියන ඇය කියන්නේ මම හරිම ආදරණීය කෙනෙක් කියලයි. මේ අතර සිතින්වත් කිසිම කෙනෙක්ට මම වෛර කරලා නැහැ කියල කියන ඇය පවසන්නේ මගෙන් වෙන්වෙලා ගිය කෙනෙක්ට වුණත් යහපත් ජීවිතයක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා කියලයි. .
කොහොමහරි ඉතින් මම ආදරේ කරලා වෙන්වෙලා තියෙනවා කියන ඇය පවසන්නේ කොහෙවත් කියලා නැහැ ආදරේ හිමිවිය යුතුමයි කියල කියලයි ඉතින් ඒ වගේම මට අහිමි වීම් තියෙනවා කියල කියන ඇය කියන්නේ ඒ අය ඒ අයගේ ලෝකවල සතුටින් ඉන්න ඕන කියලයි. මේ අතර ඒ ගැන මම පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ කියල කියන ඇය කියන්නේ එහෙම කෙනෙක්ව මට එක දවසකින් අමතක කරන්න පුළුවවන් කියලයි ඒ විතරක් නොවෙයි මට බන්ටිගේ චරිතය ලැබුණේ අහම්බෙන් කියල කියන ඇය පවසන්නේ ඒක ඇයගේ සැලසුමක තිබුනෙවත් නැති දෙයක් කියලයි.
ඇත්තෙන්ම එලෙස අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ නමුත් මම සාර්ථක වුණා කියලයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |