දුමින්ද සිල්වාට නිදහස(VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන්නා.
2016 වසරේ යහපාලන රජය සමයේ දුමින්ස සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජයේ දේශපාලකයින් සිය දේශපාලන බලපෑම් මත ඔහු සිරගත කල බවටයි එවක වාර්තා පළවුයේ.
කෙසේ වෙතත් භාරත ලක්ෂ්ම න් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජය නියෝජනය කල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන බලපෑම් මත දුමින්ද සිල්වා මහතාට නීතිය ක්‍රියාත්මක වූ බව එම නඩුවට සම්බන්ධ විනිසුරුවන් මෙන්ම එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ ශානි අබේසේකර වැන්නවුන් සමඟ රන්ජන් රාමනායක මහතා සිදුකල දුරකථන සංවාද ඔස්සේ පසුව හෙළිදරව් වුවා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත ජර්න ලද හඬපට විශාල සංඛාවක් හෙළිදරව් වූ අතර ඒවා මගින් පසුගිය රජය සිය දේශපාලන බලපෑම් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව අධිකරණ විනිසුරුවන් පවා තමන්ට අවශ්‍ය තීන්දු උදෙසා යෙදවූ බවට සාක්ෂි සහිත හෙළිවූ අතර එවක විපක්ෂයේ සිටි වත්මන් රජය එම දේශපාලන පලිගැනීම් සම්බන්ධව දැඩි හඬක් නැගුවා.
පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර් මස 8 වනදා මුල්ලේරියාව, වල්පොළදී සිදු වූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙක් මියගියහ.
සිද්ධිය වූ ස්ථානයේ තිබුණු ගිනිඅවි පසුව පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධියේදී තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහල් ගත කෙරුණි.
පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරිණි.
මේ අතර වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජය දුන් ප්‍රමුඛ පොරොන්දුවක් බවට පත්වුයේ යහපාලන රජය මගින් දේශපාලන පලිගැනීමට ලක්කළ සියලුදෙනාට සාධාරණය ඉටු කරන බවටයි.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අදාළ පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කල අතර එහිදී මේ සම්බන්ධව සියලු සාක්ෂි හෙළිදරව් වූ බවට වාර්තා විය.
අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමි වූ අතර මේ අකාරයෙන් දේශපාලනය උදෙසා පෞද්ගලිකව පලිගැනීමට ලක්කළ සියලු දෙනාට සාධාරණය කඩිනමින් ඉටුවිය යුතු බවයි අපේ අදහස.
මේ අතර පොසොන් පොහොය නිමිතිකරගෙන එයට සමගාමීව දිවයින පුරා නොයෙක් අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවී සිටින සිරකරුවන් 93 දෙනෙකු ජනාධිපති තුමාගේ විශේෂ සමාව යටතේ අද දිනයේ නිදහස ලබන බව බන්ධනාගාර, කොමසාරිස් පාලන ,මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවා.
ශ්‍රී ලංකාවේ සෑම බන්ධානාගාරයක් ම ආවනරණය වන පරිදි සිරකරුවන්ගෙන් මෙසේ නිදහස ලබනු ඇත.මෙහිදී ,විශේෂයෙන් එල්.ටී.ටී. ඊ යට සම්බන්ධ සිරිකරුවන් 16 දෙනෙකුට මෙලෙස සමාව ලැබෙන බවයි ඔහු කියා සිටියේ.
ඔවුන් අතරින් 15 දෙනෙකු අනුරාධපුරය බන්ධනාගාරයෙන්ද,යාපනයේ බන්ධනගාරයෙන් එක් අයකු ද මේ අතර වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |