වැලිගම ඝාතනයේ ඝාතකයාව ඩුබායි සිට මෙහෙය වූ ඩුබායි ලොක්කගේ පැටිකිරිය හෙළි වේ - ඇඟ කිලිපොළා යන හෙළිදරව්වක්

Report

වැලිගම ප්‍රාදේශයේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් ඝාතකයා කරුණු රැසක් පාපොච්චාරණය කර තිබේ. කට්ටි පනිමින් සිටි මෙම ඝාතකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය ,විශේෂ කාර්ය බළකාය, සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ක දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අල්ලාගෙන තිබේ.

අත්අඩංගුවට පත් මෙම සැකකරුවා සිදු කෙරූ පාපොච්චාරණයට අනුව මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දී ඇත්තේ ඩුබායි ලොක්කා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු විසිනි. ඔහු ලක්ෂ විස්සක පොරොන්දු මුදලක් මත මෙම ඝාතනය කිරීමට ඝාතකයාව මෙහෙය වූ අතර ඝාතනය සිදුවූ දින ඉන් රුපියල් ලක්ෂ දොළහක මුදලක් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වේ.

ඝාතනයෙන් පසු පලා යමින් සිටි වෙඩික්කරු, පසුව බොරැල්ල, රාජගිරිය හරහා මහරගම - නාවින්න ප්‍රදේශයට පැමිණ තිබේ. එහිදී, ඩුබායි ලොක්කා විසින් තවත් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් නාවින්න බස් නැවතුම්පළ අසල කසළ බඳුනක දමා ගොස් ඇත.

වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න

වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න

එම මුදල ලබා ගැනීමට සැකකරු පැමිණි අවස්ථාවේදී, විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඔහුව ලුහුබැඳ ගිය පොලිස් කණ්ඩායම් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට අපරාධවලට සෘජුව මැදිහත් නොවී සැඟවුණු චරිතයක් ලෙස කටයුතු කරන මෙම ඩුබායි ලොක්කා නමැති තැනැත්තා චතුර කුමාර නමින් හැඳින්වන වැයකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්වේ.

ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව සඳහන් වේ. මොහු ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධ අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මීදිගම රුවන්ගේ කළමනාකරු ලෙසද කටයුතු කර ඇත. ඊට අමතරව මීදිගම රුවන්ගේ අනිකුත් ජාවාරම් මෙහෙයවා ඇත්තේද මොහු බවට සඳහන් වේ.

මිදිගම රුවන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරගත කිරීමෙන් පසුව, ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සහ මුදල් එකතු කිරීම් සියල්ල සිදු කර ඇත්තේ ඩුබායි ලොක්කා විසිනි. ඊට අමතරව, රුසියාවේ බන්ධනාගාරගතව සිටින රොටුඹේ අමිල නමැත්තාගේ කටයුතුද මොහු විසින් මෙහෙයවන බවට තොරතුරු ඇත.

වැලිගම ලසන්ත ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

වැලිගම ලසන්ත ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

මිදිගම රුවන්ගේ 'දකුණු අත' ලෙස සැලකෙන මොහු, රුවන්ගේ අතිශය විශ්වාසවන්තම ගෝලයා ලෙස ප්‍රකටය. දකුණේ පාතාලය තුළ, ඩුබායි ලොක්කා යමක් පැවසීම මිදිගම රුවන් විසින්ම පැවසීමකට සමාන බවට මතයක් පවතින අතර, රුවන්ගේ බලය හේතුවෙන් බොහෝ දෙනෙක් ඔහුගේ වචනයට කීකරු වන බව සඳහන් වේ.

බන්ධනාගාරයේ සිටින මිදිගම රුවන් විසින් දුරකථන ඇමතුම් හරහා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි ලොක්කාට බාර දී, තමන්ගේ නම ඊට ගෑවීම වළක්වා ගනිමින්, සියලු මෙහෙයුම් කටයුතු ඩුබායි ලොක්කා ලවා සිදු කර ඇති බවට පොලිසිය ප්‍රධාන වශයෙන් සැක කරයි. මෙම ඝාතනයට තුඩු දීමට හේතු කිහිපයක් බලපා ඇති බවට විමර්ශනවලදී අවධානය යොමු වී තිබේ.

මිදිගම රුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කින්, කිලෝග්‍රෑම් 25 ක් අතුරුදන්වී ඇත. මෙම මත්ද්‍රව්‍ය සොරකමට ඝාතනයට ලක් වූ මිදිගම ලසා සම්බන්ධ බවට හෝ ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට රුවන් පාර්ශ්වය චෝදනා කර තිබේ.

වැලිගම සභාපති ඝාතනයට 9 දෙනෙකුට මාංචු

වැලිගම සභාපති ඝාතනයට 9 දෙනෙකුට මාංචු

ඊට අමතරව, පසුගිය සැප්තැම්බර් මස ඉබ්බාගමුව ප්‍රදේශයේදී මිදිගම රුවන්ගේ ඥාති දියණියකගේ නිවසේ තිබී ටී-56 ගිනි අවි හතරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම වැටලීමට අදාළ ඔත්තුව ලබා දී ඇත්තේ මිදිගම ලසා විසින් බවටද රුවන් පාර්ශ්වය දැඩි ලෙස සැක කර ඇත. මෙම ගැටුම් හේතුවෙන් මිදිගම රුවන්ගෙන් තමන්ට දිගින් දිගටම ජීවිත තර්ජන එල්ල වන බවට, ඝාතනයට ලක්වීමට පෙර සැප්තැම්බර් 06 වන දින ලසන්ත වික්‍රමසේකර මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබී ඇත.නමුත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවට තොරතුරු හෙළි වේ.