නිලධාරීන් පුදුම කරවමින් බත් පැකැට්ටුවේ තිබී හමුවූ දේ
By Sithumi
බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය යැවෙන ක්‍රමවේදයක් ගැන අනාවරණය කර ගැනීමට බන්ධනගාර නිලධාරීන් සමත්වී තිබේ. එය අනාවරණය වූයේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට ලබාදීමට ගෙන ආ බත් පැකට්ටුවක තිබී අයිස් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය පැකට් 04ක් හමුවීමෙනි.
පොලීසිය පැවසුවේ බත් පැකට්ටුවේ තිබු මස් කැබලි තුළ සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය පැකට් 4 හමුවූ බවය. ඊයේ (09) පෙරවරුවේ 11.15ට පමණ අදාළ සැකකරු රැඳවියෙකුට ලබාදීම සඳහා බත් පැකට්ටුවක් ගෙනවිත් තිබුණි.
නමුත් ඒ පිළිබඳව සැකසිතූ බන්ධනාගාර හදිසි උපක්‍රමික බළකායෙහි නිලධාරින් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය හමුවී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සැකකරු හා මත්ද්‍රව්‍ය, ඉදිරි නීතීමය කටයුතු සඳහා බොරැල්ල පොලීසිය වෙත භාරදී තිබුණි.