මිලියනයක මත්පෙති මීගමුවෙන් අල්ලයි
රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේදී සැකකරු සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් මත්පෙති නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබුණු අතර එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති ලක්ෂ 05ක ප්‍රමාණයක් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇත.
බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු,ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්පෙති තොගය නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවීම් නියෝග මත වැඩිදුර විමර්ශන ආරම්භ කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
