නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය බෝට්ටුවේ හිමිකරු අල්ලයි
දික්ඕවිට වරායට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාවේ හිමිකරු බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී බවයි පොලිසිය පවසන්නේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහු දින ධීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඊයේ සිදු කළ මෙහෙයුමක දී අදාළ යාත්‍රාව සිය භාරයට ගෙන තිබුණා.
අනතුරු ව බහු දින යාත්‍රාව සිය භාරයට ගත් නාවික හමුදා නිලධාරීන් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සමඟ අදාළ බහු දින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.