රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යළි වෙනස් වෙයි...
Sri Lanka
Driving Licence
Department of Motor Vehicles
By Aruna
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට නැවතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙන බව වාර්තා වනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, 2020 වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා තිබුණ බවයි.
කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ සිට කැබිනට් අමාත්‍යවරුන්ගේ උපදෙස් මත එම කටයුතු දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිලධාරීන් මේ වන විට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පිළිබඳ පුහුණුව ලබමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
