රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

Sri Lanka Driving Licence
By Sithumi Sep 20, 2022 03:54 PM GMT
Sithumi

Sithumi

Report

මෝටර් වාහන පනත යටතේ වන නියෝග සඳහා ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ. මෙම නියෝග මගින් රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිකව දීර්ඝ කිරීම සිදුවෙයි.

මේ අනුව ඉදිරියේදී මෙම නියෝග පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මීට අමතරව මෙම කාරක සභාවේදී දේශීය මෝටර් රථ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම පිළිබඳ සොයාබැලීමට අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එසේම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ සියලු ආයතන පිළිබඳව කෙටි වාර්තාවක් ඉදිරි කමිටු වාරයේදී ලබාදෙන ලෙසටද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිලධාරීන්ට උපදෙස්දී ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha