මත්ද්‍රව්‍ය පාවිචිචි කරන අයට රියැදුරු බලපත්‍ර ගැනීම තහනම් කරයි!!!...නවතම ක්‍රමයක් එයි.

Sri Lanka Vehicle Leicen
By Aruna Sep 16, 2021 07:59 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වන අලුත්ම පරීක්ෂණය බරවාහන රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන රියැදුරන්ට වෛද්‍ය පරීක්ෂණයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම (Drug Test) ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාතමක කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ පැවැසීය.

මේ වෙනුවෙන් සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත්, බරවාහන රිය බලපත්‍ර අයැදුම්කරුවන් 500 ක් අතුරින් සිදුකරන ලද පරීක්ෂා කිරීම් මගින් පනහකට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් බවට හඳුනාගත් බවත් සභාපතිවරයා කීවේය.

ඒ අනුව ලබන මාසයේ සිට බරවාහන බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන රියැදුරන් සහ කල් ඉකුත් වූ බර වාහන රිය බලපත්‍ර අලුත් කරගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන සියලුම රියැදුරන්ට මුත්‍රා සාම්පල මගින් සිදුකරන මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාජනය කෙරෙන බවද දිවයින පුරා පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන හරහා මෙම පරීක්ෂාවන් සිදුකරන බවද හෙතෙම කීවේය.

මත්පැන්, මත්කුඩු, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්තකු මෙම පරීක්ෂාවට ලක්කිරීමේදී මුත්‍රා සාම්පල මගින් දෙසතියක කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි නිශ්චිතවම හඳුනාගත හැක.

පළමු පරීක්ෂාවෙන් අසමත් වන රියැදුරකු දෙසතියකට පසුව සිදුකරන දෙවන මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන්ද අසමත් වන්නේ නම් එම රියැදුරු හට යෝග්‍ය වෛද්‍ය පරීක්ෂණ සහතිකයක් නිකුත් නොකිරීමද මෙමගින් සිදුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha