ආන්දෝලනයට තුඩුදුන් දැරියන්ගේ ලිංගික සබදතා ගැන අධිකරණ ඇමතිගේ තීරණය...

Report

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ, අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන ගැහැනු දරුවෙකු සිය කැමැත්ත සහිතව අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතාවයක් පැවැත්වුවහොත් ඒ සඳහා ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය ඉවත් කරගන්නා බවයි.

අද කොළඹ දී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.