"සුරේෂ් සලේව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් කාරයගේ බඩ පිරෙන්නේ නෑ -වෛද්‍ය අර්චුනා මහින්ද ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගලවයි

Report

 මේ ආණ්ඩුව මේ විදිහට ගියොත් අවසානයේ 10 ක් වත් ඉතුරු නොවන බවත් සුරේශ් සලේව හිරේ දැන්මා කියලා ත්‍රීවීල් එලවන මනුශ්‍යගෙ බඩ පිරෙන්නේ නැති බවත්  ප්‍රණාම වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා සදහන් කර තිබේ.

මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව තිබුණි

එතුමා තවදුරටත් සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්

'' මම මේ වගේ පාර්ලිමේන්තුවෙදී බය වෙලා නෑ නමුත් මහින්ද රාජපක්ෂ ඉස්සරහ කතා කරන්න බයයි .මට දේශපාලනයට කැමත්තෙන් ආවෙ නෑ මම නුවර න් කලුබෝවිල වැඩ කරලා තියනවා වෛද්‍යවරයෙක් විදිහට සිංහල ජනතාවට එකම ජනාධිපති මහින්ද රාජපක්ෂ . මම දෙමළ වුණාට ඇත්ත කියන්න කැමතියි.තමන්ගේ ජාතියට ආදරේ නම් විතරයි අනෙක් ජාතීන් වලට ආදරේ   කරන්නේ අපි ඉගන ගන්නේ මහින්ද ජනාධිපතිගෙන්.මම වීඩියෝ ගොඩක් බලලා තියනවා . යුද්දෙ ඉවර වෙලා අවුරුදු 16 ක් සිංහල ජනතාවට දෙමළ ජනතාවට බොරු කිය කිය දේශපාලනය කරන්න බෑ .

හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ජනාධිපති අනුරට යැවූ හදිසි ලිපිය- දේශපාලන කරළිය උණුසුම් කල ඉල්ලීම මෙන්න

හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ජනාධිපති අනුරට යැවූ හදිසි ලිපිය- දේශපාලන කරළිය උණුසුම් කල ඉල්ලීම මෙන්න

ඇත්ත කියන්න ඕනේ තමන්ගේ ජාතියට ඊටපස්සෙ අනෙක් ජාතීන්ට ගරු කරන්න ඕනේ ඇත්ත කියන්න ඕනෙ මමත් රැවටුනා .අනුර කුමාර ජනාධිපතිවරයට සපෝට් කළා .මම විතරක් රැවටුනා නෙමේ ජනතාව රැවටුණා අපි හිතුවා උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියලා උගන්ඩාවෙ ජනාධිපති දන්නවද දන් නෑ එච්චර සල්ලි එහෙ තියනවද කියලා . දේශපාලනයට ආවහම ඒ ගොල්ලන්ව දේශපාලනයට ගෙනාපු මිනිස්සුන්ව මතක නෑ .

මම බොරු කියන්නේ නෑ පිටිපස්සෙන් ඩීල් ගහන්න යන් නෑ .මම නාමල්ට කිවා මේ රට මෙහෙම ඉස්සරට කෙලවිලා යන්න දෙන්න බෑ කියලා . ඔයා 2029 ජනාධිපති වෙයි කියලා මේ ආණ්ඩුව මේ විදිහට ගියොත් 10 ක් වත් ඉතුරු වෙන්නේ නෑ සුරේශ් සලේව හිරේ දැන්මා කියලා ත්‍රීවීල් එලවන මනුශ්‍යගෙ බඩ පිරෙන්නේ නෑ . දෙමළ සිංහල ජනතාවට ගරු කරන්න ඕනේ . සිංහල ජනතාව ඔයගොල්ලො හොයනවා . පුළුවන්නම් පළාත් සභාව තියලා පෙන්වන්න . මිනිස්සුන්ට කන්නත් නෑ  බොන්ඩත් නෑ .මිනිස්සු අගාදයට වැටිලා ''