කෝටි 4 කට වැඩි තහනම් උත්තේජක වත්තලින් අල්ලයි..පාවිච්චි කරන විශේෂ පිරිස මෙන්න..
මාර්ගගත ක්‍රමයට ඇණවුම් භාරගෙන තහනම් උත්තේජක ක්‍රීඩකයින්ට අළෙවි කළ සංවිධානාත්මක ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා.
පානදුර වලානේ පිහිට මධ්‍යම දූෂන මර්ධන ප්‍රහාරක බලකාය, ශ්‍රී ලංකා උත්තේජක මර්ධන ආයතනයේත් ආහාර හා ඖෂධ පාලන අංශයේත් සහාය ඇතිව ඊයේ (16) කළ වැටලීමකදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මෙම තහනම් උත්තේජක තොගය සොයාගෙන ඇත.
එම තොගය සමඟ වත්තලදී සහ බොරැල්ලේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බොරැල්ලේ කොටා පාරේ පිහිටි තහනම් උත්තේජක මුළු රටටම බෙදා හරින ස්ථානය ද මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ගේ වැටලීමට ලක්ව තිබේ.
ලෝකයේ තහනම් කර ඇති වර්ග 05ක එන්නත් සහ පෙති එහි තිබී හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තහනම් උත්තේජක බෙල්ජියමේ සහ එක්සත් රාජධානියේ නිෂ්පාදනය කළ ඒවා බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම තහනම් උත්තේජක බෙදා හැරීම සඳහා ඒවා සඟවා තිබුනේ කායවර්ධන උපකරණ හා අතිරේක පෝෂන ද්‍රව්‍ය අලෙවි ස්ථානයක් තුල වීමද විශේෂත්වයක්.
විමර්ශණවලදී අනාවරණය වී තිබෙන්නේ, මෙම තහනම් උත්තේජක අලෙවි කරනු ලබන්නේ රුපියල් 10000ත් රුපියල් 12000ත් අතර මුදලකට වන අතර ඒවා වැඩිපුරම මිලට ගනු ලබන්නේ කායවර්ධන ක්‍රීඩකයින්, මලල ක්‍රීඩකයින්,බර ඉසීලීමේ ක්‍රීඩකයින් සහ පාපැදි ක්‍රීඩකයින් බවයි.
2013 වසරේ අංක 32 දරණ ක්‍රීඩාවල යෙදීමේ උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මත පනත ප්‍රකාරව මෙම වැටලීම කළ බවත් මෙම පනතින් මෙවැනි වැටලීමක් කළ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනය මඟින් දැනුම් දුන් බව වැඩිදුරටටත් වාර්තාවේ.
