“මාධ්‍ය වාරණයට යන්න එපා - කට වහගෙන මේක කරන්න බෑ” - මරික්කාර්ට හොඳටම තද වෙයි
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයේදී රජයට දැඩි විවේචන එල්ල කරමින් මාධ්‍ය වාරණයට යාමට උත්සාහ කළොත් එය බරපතල වැරැද්දක් බව අවධාරණය කළාය.
තවදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ;
"අයවැය කියන්නේ නොම්මර පෙන්වීමේ ඉලක්කයක් නොවේ. ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදුකරන කාර්යයක්.අද දවසේ කතා කරන අමාත්‍යාංශ තුනම තිබෙන්නේ යව්තල පහසුකම් සම්බන්ධයෙනුයි. යටිතල පහසුකම් සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීමට නම් කාර්යක්ෂමතාව,විනය සහ කැපවීම තිබිය යුතුයි.නමුත් 2025 වසරේ අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් දෙස බලද්දී මේ ඉලක්ක සපුරා ගන්නට බැරි වී තිබෙනවා.
ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වෙන් කරන ලද මුදලින් වැඩ කෙරිලා තියෙන්නේ සියයට 43ක් පමණයි. මේ අවුරුද්දේ වත් ඉලක්ක සපුරා ගනු ඇතැයි අප සිතනවා. භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස තිබෙන රටක්.සමහර මාධ්‍ය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීමට අපත් විරුද්ධයි. නමුත් මේ රටේ හතරවන ආණ්ඩුව හැටියට තියෙන මාධ්‍ය වාරණයට යන්න නම් එපා යැයි අප ඉල්ලා සිටිනවා. මාධ්‍ය වාරණය කරලා කට වහල මේක කරන්න බෑ.."