අද ඩොලරයේ අගයේ වෙනසක් - වාණිජ බැංකුවල නවතම අනුපාත මෙන්න

Report

අඟහරුවාදාට සාපේක්ෂව අද  ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබේ.

කෙසේ වෙතත්, ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 332ක පමණ මට්ටමක ස්ථාවරව පවතී.

සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 323.65ක් ලෙසත්, විකුණුම් අනුපාතය රු. 332.90ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසකින් තොරව පවතී.

NDB බැංකුවේ ගැනුම් අනුපාතය රු. 323.30 සිට රු. 323.40 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 332.30 සිට රු. 332.40 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ ගැනුම් අනුපාතය රු. 323.96 සිට රු. 324.11 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 331.99 සිට රු. 332.14 දක්වාත් ඉහළ ගොස් ඇත.

මේ අතර, කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 322.11ක් ලෙසත්, විකුණුම් අනුපාතය රු. 332.00ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.

සම්පත් බැංකුවේද ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 324.00ක් සහ විකුණුම් අනුපාතය රු. 332.00ක් ලෙස ස්ථාවරව පවතී.

මීට පස්සේ මේ විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී මෙම ලේඛන අනිවාර්යයි - අලුත් නීතියක්

මීට පස්සේ මේ විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී මෙම ලේඛන අනිවාර්යයි - අලුත් නීතියක්