ගෝලීය වෙළෙඳපොළ බලපෑම් මැද වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාත ඉහළට

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, සමහර බැංකුවල විකුණුම් අනුපාතිකය රු. 341 දක්වා ඉහළ ගොස් තිබේ.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 327.75 සහ රු. 339.50 ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 328.00 සිට රු. 331.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 337.00 සිට රු. 340.00 දක්වා ඉහළ ගොස් ඇත.

මහ බැංකුවෙන් රුපියල ගැන දැනුවත් කිරීමක් - රටම අමාරුවේ දාමින් ඩොලරය ඉස්සරහ රුපියල 8%න් බාල්දු වෙලා

මහ බැංකුවෙන් රුපියල ගැන දැනුවත් කිරීමක් - රටම අමාරුවේ දාමින් ඩොලරය ඉස්සරහ රුපියල 8%න් බාල්දු වෙලා

කෙසේ වෙතත්, මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 327.01 සිට රු. 329.95 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 337.29 සිට රු. 340.33 දක්වා ඉහළ ගොස් තිබේ.

කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 325.09 සිට රුපියල් 330.05 දක්වා සහ විකුණුම් අනුපාතය රුපියල් 336.00 සිට රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සම්පත් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 328.00 සිට රුපියල් 332.00 දක්වා සහ රුපියල් 337.00 සිට රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් තිබේ.