අද ඩොලරට විශාල ලෙස එකවරම පහළ බසී..මූල්‍ය වෙළඳ පොළේ විශාල පෙරළියක්...

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka
By Aruna Mar 21, 2023 06:27 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සීඝ්‍රලෙස පහත වැටී තිබෙනවා.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාවේ පසුවූ අතර ගැනුම් මිල රු. 332ක් ලෙස සටහන් වුවා.

අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.314.66ක් ලෙස සටහන්ව තිබු අතර විකිණුම් මිල රු. 336ක් ලෙස සටහන්ව තිබෙනවා.

සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 315ක් සහ විකුණුම් මිල රු. 330ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දිනයේදී රු. 308.70ක් වූ අතර එහි විකිණුම් මිල රු.330.92ක් ලෙස සටහන්ව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.