ඔයාගේ සුරතල් සුනඛයාත් කටුවා කන රෝග‍‍යෙන් පෙළෙනවා ද?. ගෙදර දී ම හදා ගන්න පුලුවන් අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත් වට්ටෝරුවක් මෙන්න.

Sri Lanka
By krishani Nov 08, 2023 02:44 PM GMT
krishani

krishani

Report

අපි ගොඩක් ආදරය කරන සුරතල් සුනඛයා අසනීප වුනහම මොනතරම් දුක හිතෙනව ද?.

අද කියන්න යන්නේ බල්ලන්ගෙ කටුවා කනවාට අත්දුටු බෙහෙතක්.

ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාට උනත් හිතට හරි දුකයි.

සමහරවිට මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට මේ ලෙඩේ එන්න පුලුවන්.

එහෙම නැත්තං අපි සමබල අහාර වේලක් දුන්නා උනත් බව්වෝ තෝර තෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂණ සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතු වෙන්න පුලුවන්.

මෙම රෝගය නැවත නොඑන්නම සුවකරගන්න පුලුවන්.

?අවශ්‍ය ද්‍රව්‍ය

1.හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි.

2.ගෙන්දගම් කුඩු ග්‍රෑම් දෙසීයයි.

3.පිරිසිදු කොහොඹ තෙල් බෝතල් බාගයයි.

?සාදාගන්නා ආකාරය

කොහොඹ තෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවම් කරන්න.

?ආලේප කරන ආකාරය

සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්තට හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න, මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන.

දැන් සතාව කූඩුවට දාලා තියන්න.

නැත්තං බව්වා බෙහෙත අයින් කරගන්න හැමතැනම ගන්න පුළුවන්.

දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා, හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න.

ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්.

ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ.

හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ , ගෙන්දගම් සහ කොහොඹ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.

රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.

උපුටා ගැනීමකි.

ReeCha