සුරාසැල් විවෘත කිරීම පිළිබඳ නවතම අදහස් (VIDEO)

COVID19 LIQURE CURFEW DR.PADMA s gUNARATHNA BAR OPENING
By Sewvandhi Sep 18, 2021 03:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය. කෙසේ වෙතත් සුරාසැල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

“සුරාසැල් ඉදිරියේ සෙනඟ ගොඩක් එකතුවී මත්පැන් අරගෙනයෑමට පොරකන දර්ශන ගොඩක් අපිට දකින්නට ලැබුණා. ඉතින් මේක ධනාත්මක සාධකයක් ලෙස අපි කොහෙත්ම දකින්නේ නැහැ. අපි හිතනවා මේකෙන් වෙන හානිය වැඩියි. අපිට පාසල් ඉක්මනින් අරින්නට පුළුවන් වන හැකියාව තව දීර්ඝ වෙන්නට පුළුවන්, සංචාරක සේවාව පටන්ගැනීමේ හැකියාව තව ප්‍රමාද වෙන්නට පුළුවන් මේක ඉතාමත් සෘණාත්මක ආකාරයට තමයි මේ රෝගය පාලනය කිරීමට බලපාන්නේ. ඉතින් අපි හිනතවා රජය මේ ගැන සැලකිලිමත්ව කල්පනාකරලා බලයි කියලා. මේකෙන් මේ රෝගය පාලනයකරලා යළි රට කොළ පාට දක්වා යන ගමනට බාධවක් ඇති වෙයි කියලා අපිට බයක් තියෙනයවා. ඒක නිසා මේ රෝගය පාලනය කිරීම සහ ආර්ථිකය නගා සිටුවීම මේක නිසා ඇතිවන බලපෑම සෘණාත්මක ආකාරයට බලපානවා. ඒ නිසා මේ තත්ත්වයට එකඟවෙන්නට අමාරුයි.“

මේ අතර දෛනික රැකියාවන්හි නිරතව සිටි පිරිස ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක සුරාසැල් විවෘතකිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය.

මත් පැන් සල් අසල තත්වය..-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha