වෛද්‍යවරුන් හෙට සිට වැඩවර්ජනයක.

Sri Lanka GMOA Sri Lanka Hospitals in Sri Lanka Strike Sri Lanka
By Hashini Nov 01, 2023 10:13 AM GMT
Hashini

Hashini

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ දිවයින පුරා පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

අද (01) පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසුවා.

මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන අතර එය පැය 24ක් පුරා ක්‍රියාත්මක බවයි එම සංගමය පවසන්නේ.

හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වනවා.

එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.

මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේ මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ 08 වනදායි.

09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතය.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු 10 වනදා වර්ජනයට එක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ReeCha