ලෝකෙටම ශ්‍රේෂ්ඨ සොයාගැනීමක් සිදු කිරීමට දායක වූ ජේම්ස් වොට්සන් මියයයි

Report

ඩීඑන්ඒ (DNA) ව්‍යුහය සොයාගැනීමට සම දායකත්වය ලබාදුන් නොබෙල් ත්‍යාගලාභී අමෙරිකානු විද්‍යාඥයෙකු වන ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුව තිබෙනවා.

ඔහුගේ අභාවය තහවුරු කර ඇත්තේ ඔහු වසර ගණනාවක් සේවය කළ කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් රසායනාගාරය (Cold Spring Harbor Laboratory) මඟින්. 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම්වලින් එකක් වන ඩීඑන්ඒහි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ජේම්ස් වොට්සන් විසින් 1953 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්ව සොයා ගත්තා.

මෙය අණුක ජීව විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවට මඟ පාදා තිබෙනවා.

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ

එසේම වොට්සන්, ක්‍රික් සමග ඩීඑන්ඒ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයාගැනීම වෙනුවෙන් 1962 දී නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් ඔහුගේ කීර්තියට හානි සිදු වූයේ ජාතිය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔහු දැක්වූ මතභේදාත්මක අදහස් හේතුවෙන්.

ඒ අනුව රූපවාහිනී වැඩසටහනකදී, බුද්ධි පරීක්ෂණ (IQ tests) වල කළු සහ සුදු ජාතිකයින් අතර වෙනස්කම් සඳහා ජාන හේතු වන බවට වූ මතභේදාත්මක මතයක් ඔහු ඉදිරිපත් කර තිබුණා.

2007 දී, ඔහු පුවත්පතකට කියා සිටියේ "සියලුම සමාජ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ ඔවුන්ගේ බුද්ධිය අපගේ බුද්ධියට සමාන බව මතය, නමුත් සියලුම පරීක්ෂණ පවසන්නේ එසේ නොවන බවයි" එසේම "අප්‍රිකාවේ අනාගතය ගැන" තමන් "සහජයෙන්ම දුක් වන" බවත් ඔහු සඳහන් කළා.

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

මෙම අදහස් නිසා ඔහුට නිව්යෝර්ක්හි කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් රසායනාගාරයේ කුලපති තනතුර ද අහිමි වී ඇති බව වාර්තා වේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2019 දී, ඔහු නැවත වරක් ජාතිය සහ බුද්ධිය අතර සම්බන්ධයක් පැවසීමෙන් අනතුරුව රසායනාගාරය විසින් ඔහුගේ ගෞරව නාමයන් ද ඉවත් කර ඇති බවයි.

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි