ස්කාගාර සහ දුම්කොළ සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්.

Sri Lanka Liquor Wasudewa nanayakkara Tobacco Distilleries
By Aruna Dec 05, 2021 01:48 AM GMT
Report

ඩොලර් හිඟයට විසඳුමක් වාසු කියයි ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස දුම්කොළ සමාගම හා ස්කාගාර සමාගම ජනසතු කරන ලෙසට ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා යවා ඇත.

විදේශිකයන් වෙත සියයට අනූවක අයිතිය ඇති බැවින් රාජ්‍ය ආදායමට විසඳුමක් ලෙසද දුම්කොළ සමාගම ජනසතු කරන ලෙසට යෝජනා කරන බව ඇමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

රජයට විශාල ආදායමක් ලබාදුන් ස්කාගාර සංස්ථාව පුද්ගලීකරණය කිරීමෙන් එම ආදායමද අහිමි වී ඇති බැවින් එයද ජනසතු කරන්නැයි ඇමැතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇත.

මෙය විධායක සභාවටද යොමු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now