නව ත්‍රස්ත විරෝධී පනත ගැන රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.
ඒ සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමති ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි යන මහත්වරුන් එක්ව සිටියා.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව ඔවුන්ට පවතින ගැටලු සඳහා අමාත්‍යවරුන් පිළිතුරු ලබාදෙමින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති නීතිඥ, අනුරාධ ජයරත්න, එම අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරිල් පුල්ලේ මහත්ම මහත්මීන්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, මහ කොමසාරිස් කාර්යාල හා තානාපති කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු එක්ව සිටියා.
