දරුවන් ඉදිරියේ කුරීරූ ලෙස මව ඝාතනය පියාට ලැබුණු දඬුවම මෙන්න. - අධිකරණයේදී සංවේදී කරුණු රැසක් හෙළිවෙයි.

Sri Lanka Sri Lankan Peoples Australia Murder
By Wayomi Dec 19, 2024 01:25 PM GMT
Wayomi

Wayomi

Report

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයාට අද (19) වසර 37 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ඒ, වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මියම විසින්.

2022 වසරේදී දිනුෂ් කුරේරා සිය බිරිඳවූ නෙලෝමි පෙරේරාව,ඕස්ට්‍රේලියාවේ සෑන්ඩ්හර්ස්ට් නගරයේ පිහිටි ඇයගේ නිවසේදී තම දරුවන් ඉදිරියේ විනාඩි 14 ක කාලයක් පුරාවට කපා කොටා ඝාතනය කර තිබූ අතර ඇයගේ සිරුරේ කැපුම් තුවාල 35 සහිතව ලේ විලක් මැද වැටී සිටියදී ඕස්ට්‍රේලියානු පොලිසිය සොයා ගනු ලැබුවා.

ඒ, අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු මිනීමැරීමේ චෝදනාවට වරදකරු බව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර එහිදී එහිදී දඬුවම් නියම කිරීම සඳහා ඊයේ(19) දිනට නඩුව කැඳවීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබිණි.

වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන 166ක් ගැන ජනපති තීරණයක් ගනී. - කැබිනට් අනුමැතියත් හිමි වුනේ මෙහෙමයි.

වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන 166ක් ගැන ජනපති තීරණයක් ගනී. - කැබිනට් අනුමැතියත් හිමි වුනේ මෙහෙමයි.

කෙසේ වෙතත් ආත්ම ආරක්ෂාව සඳහා තම බිරිඳ ඝාතනය කළ බව දිනුෂ් කුරේරා ප්‍රකාශ කළත් ඔහු නිදහසට ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බව අමන්දා ෆොක්ස් විනිසුරුවරිය ප්‍රකාශ කළා.

ඒ, අනුව හොඳ කල් ක්‍රියාවෙන් සිටීම හේතුවෙන් ලබා ගන්නා සමාවට අයැදුම් කිරීමටත් දිනුෂ් කුරේරා අවම වශයෙන් අවුරුදු 30 සිර දඬුවමක් විඳිය යුතු බවද ඇය පැවසුවා.

නමුත් දිනුෂ් කුරේරා සිය පුතුණුවන්ට තුන්වතාවක් පොරවෙන් පහරදී ඇති බවත් සිය මවට පොරවෙන් පහරදෙන අවස්ථාවේ උදව් ඉල්ලීම සඳහා පිටතට දුව යෑමට උත්සාහ දැරීම හේතුවෙන් දිනුෂ් කුරේරා සිය පුත්‍රයාට මෙලෙස පහරදී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

එමෙන්ම කුරේරාට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් තිබෙන බවත් ඔහු වෙනත් කාන්තාවන් ආශ්‍රය කරන බවත් නඩු විභාගයේදී ඔප්පු විය.

ඒ හේතුවෙන් කුරේරා 2022 වසර මුලදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ දික්කසාදවීමේ සැලසුම ඇතිව ඔහුට විරුද්ධව නෙලෝමි තහනම් නියෝගයක් ලබාගෙන ඇති බවත් එම නියෝගය හේතුවෙන් කුරේරාට නෙලෝමි සමඟ එක නිවසේ වාසය කිරීමට නොහැකි වී ඇති බවත් නඩු විභාගයේදී හෙළි වී තිබෙනවා.

ඒ, අනුව නඩුව ආරම්භයේ සිටම දිනුෂ් කුරේරා ආත්ම ආරක්ෂාව සඳහා ඝාතනය සිදුකළ බව ඔහුගේ නීතිඥ කණ්ඩායමේ ස්ථාවරය විය.

කෙසේ නමුත් දඬුවම් නියම කරමින් වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ දරුවන් ඉදිරියේ මව ඝාතනය කිරීම ම්ලේච්ඡ කිසිසේත් සමාවක් ලබාදිය නොහැකි ක්‍රියාවක් බවත් ඔහු නිදසහට ඉදිරිපත් කළ කරුණු විකාරයක් බවත්ය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.


You May Like This Video


  

ReeCha