"..මගේ බබාට නම් මම කවදාවත් අඩන්න දෙන්නෙ නෑ..බබාලා අඬද්දි මටත් ඇඩෙනවා.." - දිනිති වල්ගමගේ..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Apr 19, 2023 05:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 දිනිති වල්ගමගේ කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ශේස්ත්‍රයට ඇවිල්ලා ඇගේම තාලයකට කලා ලෝකය තුළ ජීවත් වන දක්ෂ කලා කලාකාරිනියක්. මේ දිනවල ඇය ගැන වැඩිදුරටත් කතාබහ කරන්න පටන් ගන්නේ දිනිති විසින් රංගනයෙන් දායක වන ආෂාවරි චිත්‍රපටයේ ඒ චරිතය නිසයි.

ඒ වගේම පසුගිය කාලසීමාව තුළදී දිනිති කියන මේ චරිතය පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම නොයෙකුත් කථා බහා ඇති වුණා. ඒකට මූලිකම හේතුව ඇය ප්‍රසිද්ධ වැඩසටහනකට සහභාගි වෙලා නිවේදකයා අහන ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමුතු ස්වරූපය නිසයි.

ඒ අවස්ථාවේදී නිවේදකයා සඳහන් කරනවා ඔයාගේ ඔය හැසිරීම සාමාන්‍ය දෙයක් උනාට ප්‍රසිද්ධ වැඩසටහනක් ඔස්සේ ඒ හැසිරීම ප්‍රදර්ශනය කරන්න එපා කියන ආකාරයේ අදහසක්. නමුත් පසුව දිනිති ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ ඒක ඇගේ හැටි සහ ඇය ඒක හිතා මතා කරන දෙයක් නෙවෙයි කියලයි. කෙසේ නමුත් ඇයම කියනවා බොහෝදෙනෙක් ඇය ටිකක් පණ්ඩිතයි කියලා චෝදනා කරනවා ලු.

නමුත් තමන්ගේ ජීවිතය තුළ කාටවත් යටත් නොවී ඉදිරි කාල සීමාව තුළ දීත් කා යටතේවත් යැපෙන්නේ නැතිව ජීවත්වීම තමයි ඇගේ මූලිකම බලාපොරොත්තුව. දිනිති රංගන කාර්යයේ නිරත වෙලා ඉන්නවා වගේම තමයි ඇයගේ ප්‍රධාන වෘත්තිය මේක නෙවෙයි. ඇගේ මූලිකම වෘත්තිය තමයි ගුවන් සේවිකාවක් විදිහට ශ්‍රී ලංකා ගුවන් සේවා වත් එක්ක එකතුවෙලා කටයුතු කිරීමයි.

ඇය නම් කියන්නේ රංගනය කරන්නේ ඇය ගොඩක් ආස නිසා විනෝදාංශයක් විදියට කියලයි. කෙසේ නමුත් පසුගිය දවසක එක්තරා විනෝදාත්මක වැඩසටහනකට සහභාගි වෙලා දිනිති ඇගේ ජීවිතයේ රස මුසු තැනක් පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. මේ අවස්ථාවේදී මාධ්‍යවේදියා එක පාරට අහනවා ඔයා අයියලාගේ ළමයින්ට සැර කරනවා නේද කියලා.

ඒකට පිළිතුරු වශයෙන් ඇය ” නෑ නෑ මං ඒ දෙන්නට හරි ආදරෙයි.” කෑම සඳහන් කරනවා.ඊට පස්සේ මාධ්‍යවේදිනිය අහනවා බබාලා අඬද්දි ඔයත් අඩනවා නේද කියලා. ඊට පස්සේ දිනිති කියනවා “මං ආස නෑ බබාලා අඬනවට” යන ආකාරයේ ප්‍රකාශයක් ඒකට මූලිකම හේතුව බබාලා අඩද්දී ඇයටත් අඩෙන නිසාලු.

ඊට පස්සේ නැවත වතාවක් මාධ්‍යවේදිනිය අහනවා වෙන කවුරුත් ඔයා වෙනුවෙන් අඬනවට ඔයාට කදුළු එනවද කියලා. ඊට පස්සේ දිනිති කියනවා “නෑ බොරුවටනේ ඔය ගොඩක් කට්ටිය අඩන්නේ. බබාලා හරි ඇත්තයිනේ.බබාලා බොරුවට අඬන්නෑහැනේ.”

මේ විදිහට දිනිති පිළිතුරු දුන් අතර නැවත වතාවක් මාධ්‍යවේදියා අහනවා ඔයා අම්මා කෙනෙක් වෙච්ච දවසක ඔයාගේ දරුවා අඩද්දී ඔයා අඬනවා ද කියලා. ඊට පස්සේ ඇය හරිම ආඩම්බරයි සඳහන් කරනවා “මං මගේ බබාට අඩන්න දෙන් නැහැ” කියන ප්‍රකාශයක්.

කෙසේ නමුත් ඇය ජීවිතය දිහා හරි අමුතු විදිහට බලන නිසා තමයි විවිධාකාරයේ රසබර අත්දැකීම් මේ විදියට ප්‍රේක්ෂකයා ත් එක්ක බෙදා ගන්නේ. ඉතින් ඇගේ ජීවිතයේ සිතුම් පැතුම් එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු. (උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery