ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනයෙන් දැඩි උත්සාහයක්

Report

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ලෝකය පිළිගත් ක්‍රමවේදය බිඳ වැටෙමින් පවතින බවත් ඇමරිකාව පවා තීරු බදු යුද්ධයකට යමින් ආරක්ෂණවාදයට නැඹුරු වී ඇති අතර චීනය තීරු බදු යුද්ධයට පෙර තියා සූදානමින් සිටි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය කොළඹදී පැවැත්වූ ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබද සංවාදයේදීයි. එසේම චීනය නව නිපැයුම් තුළින් වඩාත් ඉදිරියට පැමිණීමක් දැකිය හැකි බවත් හිටපු අමාත්‍ය රණවක මහතා සඳහන් කළා.

මේ අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේ අලුත් වන ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනය විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බවත් නව නිපැයුම් සහ නවීකරණ ඔස්සේ ඉදිරියට යමින් පවතින චීනයෙන් රටක් විදිහට ගත හැකි පාඩම් රැසක් ඇති බවත් ය.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

එමෙන්ම එම සංවාදයට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ගෝලීය ගැටළුවලට මුහුණ දීමට අභ්‍යන්තර හා විදේශ ප්‍රතිපත්තිවලට පරිවර්තනයක් අවශ්‍ය බවත් ලෝක මට්ටමේ සිදුවෙමින් පවතින වෙනස්කම් හදුනා ගෙන ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශ කළා.

ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිශාන්ති දිල්රුක්ෂි විමලසිරි මහත්මිය කියා සිටියේ ගෝලීයකරණය සඳහා දායක වන රටවල් ගෝලීයකරණයෙන් ලෝකය පිටතට ගෙන ඒමට දැන් සිතමින් සිටින බවත් විවිධ ගැටලු හේතුවෙන් ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළත් දකුණේ නැගිටීමත් සමඟ මේ වනවිට එය වෙනස් වෙමින් ඇති බවයි. 

පොල්වලින් සුපිරි ආරංචියක්

පොල්වලින් සුපිරි ආරංචියක්

ලංකාවට අසලම ප්‍රබල භූ කම්පනයක්

ලංකාවට අසලම ප්‍රබල භූ කම්පනයක්