මධුරෝගේ වත්කම් ගැන ස්විට්සර්ලන්තයෙන් දැනුම්දීමක්[UPDATE]

Report

වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී ඇත.

ඒ අනුව අමෙරිකානු හමුදාව විසින් ජනපති නිකොලස් මධුරෝව ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත‍ය මඟින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේම වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වන බව පවසයි.

එසේ වුවත් එය වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට බලනොපාන බව දැනුම් දී තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපති හා ජනාධිපති ආර්යාව අද මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණයට

වෙනිසියුලානු ජනාධිපති හා ජනාධිපති ආර්යාව අද මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණයට

එසේම නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට සානාථ වුවහොත් එම වත්කම් වෙනිසියුලා ජනතාවට ප්‍රතිලාභ සැලසීම වෙනුවෙන් ආපසු ලබා දීමට උත්සාහ කරන බවත් ස්විට්සර්ලන්තය සඳහන් කරයි.

මේ අතර අත්හිටවූ වත්කම් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ලබා දී නොමැති අතර මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ ඇති වත්කම් මොනවාද යන්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් හෝ ස්විට්සර්ලන්ත රජය මඟින් මෙතෙක් සිදුකර නොමැති බවත් සඳහන්.

වෙනිසියුලාවේ අර්බුදයට චීනයෙන් ඇමරිකාවට සැර ඉල්ලීමක්

වෙනිසියුලාවේ අර්බුදයට චීනයෙන් ඇමරිකාවට සැර ඉල්ලීමක්

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්