මන්ත්‍රී නවීන් දිසානායකට ලොකු පුටුවක්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.
නිල වශයෙන් වාර්තා වන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව නවීන් දිසානායක මහතාව මෙලෙස උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ඒ අනුව, 2026 ජනවාරි 3 වන දින සිට නවීන් දිසානායක මහතා උප සභාපති (ජ්‍යෙෂ්ඨ) ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම, පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතව ඇත.