ඔබටත් මෙවැනි ඊමේල් පණිවිඩයක් ලැබුණොත් ප්‍රවේශම් වන්න - වහාම විමර්ශන අරඹයි

Report

අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ යොමු කර ආයෝජන ලබාගත හැකි බව පවසා පුද්ගලයන් සතු කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(5) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

ඒ එම සිද්ධියට අඳාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් පසුව‍යි. 

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් පවසා සිටියේ අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ යොමුකර ආයෝජන අවස්ථාවන් යොදවා මුදල් උපයා ගත හැකි බව පවසා මෙම වංචාව සිදු කර තිබෙන බවයි.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

පරිගණක විමර්ශනය ඒකකය අධිකරණයට දන්වා ඇත්තේ පුද්ගලයන් රවටා මේ වන විට දෙකොටි හතළිස් දෙලක්ෂ පනස්දහක මුදලක් වංචා කර ඇති බවයි.

තවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අඳාළ වැඩිදුර විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇත.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්