ආන්දෝලනාත්මක මොඩියුලය ගැන පරීක්ෂණයක් අවසන් වන තුරු අගමැතිනිය ඉල්ලා අස්විය යුතුයි - විශාල විරෝධයක්

Report

මහා ජන හඩ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කෙරුණු 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව ගැන සාධාරණ පරීක්ෂණය පැවැවීමට සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සඳහන් කර‍යි.

ඒ අනුව එවැන්නක් 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය ඇතුලත් කරනු ලැබුවේ අගමැතිනිය බවට සමාජය තුළ සාධාරණ සැකයක් ඇති බවත්, එබැවින් එම පරීක්ෂණ සිදු කරන තෙක් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද (5) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් අවධාරණය කර ඇත.

එම මාධ්‍ය හමුවට එක් වූ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ අගමැතිවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවී සිදු කරන පරීක්ෂණ සාධාරණ පරීක්ෂණයක් යැයි සමාජය විශ්වාස නොකරන බවයි.

අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී යම් අඩුපාඩු වෙන්න පුළුවන් කියලා අගමැතිනිය කළින්ම කිව්වනේ - හරිනි වෙනුවෙන් හිටගත්තු සමන්මලී

අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී යම් අඩුපාඩු වෙන්න පුළුවන් කියලා අගමැතිනිය කළින්ම කිව්වනේ - හරිනි වෙනුවෙන් හිටගත්තු සමන්මලී

එමෙන්ම විශාල විනාශයකට පාර කපනු ලැබූ විෂය භාර ඇමතිවරිය අග්‍රමාත්‍යතුමිය බවත් ඔහු සඳහන් කළා.

එසේම එවැනි බරපතළ විනාශයක් සිදු වුණේ කොහොමද කියා පැහැදිලි කර ගැනීමට නොහැකිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සරණ පතන ඇමතිවරියකට රටේ දරුවන්ගේ අනාගතය භාර දිය නොහැකි බවත්, අගමැතිවරිය තමන්ගේ නොහැකියාව පෙන්නුම් කර අවසන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.

ඊට අමතරව එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ අධ්‍යාපන මොඩියුල සකස් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ඇමතිවරයා, අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් කිසිදු අවස්ථාවක නිසි අවධානයක් යොමු කර නැති බවත්, ඒ අනුව එම මොඩියුලයන්හී වැරදි ඉස්මතුවෙමින් තිබෙන බවත්ය.

එම ගැටලුව පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, එම දෙපාර්තමේන්තුවට විෂය මාලා පිළිබඳ සෙවීමට නොහැකි අතර, එය අධ්‍යාපනඥයන් සිදු කළ යුතු කාර්යක් බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම එම මාධ්‍ය හමුවට හිටපු අමාත්‍ය ටිරාන් අලස්, එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගරි එම්.ෆාරුක් මහතාද සහභාගී වූ බව වාර්තා වේ.

මතභේදාත්මක මොඩියුලය කතාවේ හරිණි ඉල්ලා අස්වෙයි ද? නාමල් ගේම ඉල්ලයි

මතභේදාත්මක මොඩියුලය කතාවේ හරිණි ඉල්ලා අස්වෙයි ද? නාමල් ගේම ඉල්ලයි

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල