හොරට ගේන්න හැදූ ඖෂධ සහ අලේපන තොගයක් සමඟ 04 දෙනෙක් මාට්ටු

Report

නාවික හමුදාව විසින් නීති විරෝධී ලෙස ‍රට තුලට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් සිව් දෙනෙකු සිය භාරයට ගෙන තිබේ.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.

එම අවස්ථාවේදී එම ඩිංගි යාත්‍රාව මඟින් රැගෙන විත් කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ සඟවන ලද උර 17 අසුරා තිබූ ඖෂධ පෙති 4605, ඖෂධීය ආලේපන 15,627, ඔෂධ දියර බෝතල් 494 සහ ඔෂධ පැකට් 4020 මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

තලාවේ මාරක අනතුරෙන් 20කට ආසන්න පිරිසකට තුවාල - පුද්ගලයෙකුට බරපතලයි

තලාවේ මාරක අනතුරෙන් 20කට ආසන්න පිරිසකට තුවාල - පුද්ගලයෙකුට බරපතලයි

නාවික හමුදා විසින් සිය භාරයට සැකකරුවන් වයස අවුරුදු 25 සහ 32 අතරේ පසුවන අයයි ඒ වගේම ඔවුන් කල්පිටිය, තෝරයාඩි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

ඒ වගේම කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත එම සැකකවන්, ඖෂධ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කර තිබේ.

ප්‍රබල අකුණු පිළිබඳව දරුණු නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව දරුණු නිවේදනයක්