"..එයා වෙනුවෙන් මම ගීතය ගයන කොට සමහර විට මගේ ලග ඉන්න ඇති.." ගායන ශිල්පී දිනේෂ් තරංග හදිස්සියේ මුහුණු පොතට එක්කල සංවේදී සටහන(VIDEO / PHOTOS)

By Sewvandhi Nov 20, 2021 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගායන ශිල්පියෙක් ලෙස කාගෙත් ආදරය දිනාගත් දිනේෂ් තරංග සමාජ මාධ්‍ය තුළ පසුගිය සමයේ වැඩිපුරම කතාබහට ලක්වුණු චරිතයක්. ඉතින් පසුගිය දවසක දිනේෂ් මුහුණු පොතේ පළ කරපු ඡායාරූප පෙළක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප සටහන.....

සංසාර ගමනේ, හමුවීම්... වෙන්වීම්... පුරුදු... අමුතු දේවල් නොවුන අපිට ජීවිතේ සමහර සිදුවීම් තේරුම් ගන්න හැකියාව නැති වෙන අවස්ථාත් නැතුවම නෙමෙයි. 2015 දී කරපු "මා නුඹට පෙම් කළේ" ගීතය, 2021 දී පුදුමාකාර විදිහට මනුස්ස හිත් වලට ලං වෙන්නෙත් "ඒ මොකක්ද ඒ උනේ" කියලා තේරුම් ගන්න ටිකක් අමාරු විදියට. කතාවේ කතා නායකයා "අනුසර". අවාසනාවකට මම කවදාවත් මුණගැහිලා නැති, මගේ ගීතයට ගොඩක් ආදරය කරපු "අනුසර"ව බලන්න මම ගියා මල්ලි දැන් ඉන්න තැනට.

අනුසර එන්න ඇති එතනට මාවත් බලන්න... එයා ආසම සින්දුව අහන්න... එයා වෙනුවෙන් එයාගෙ ගීතය මම ගයන කොට මගේ ලඟින් ඉන්නත් ඇති සමහරවිට! අනුසර.., මල්ලි.., දැන් යන්න ඔයා නිදහස් වෙලා හොඳම තැනකට. අපි ඉන්නවා මෙහෙ ගමන ඉවර කරලා ඉක්මනින් නිදහස් වෙන්න බලාගෙන... තාරක මල්ලි, චන්තිල මල්ලි, ආව ඔක්කොම අනුසර ගේ යාලු මල්ලිලාට හදවතින්ම ස්තූතියි, මට මේ ගමන එන්න වටපිටාව හදලා දුන්නට.

මගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා, විනෝද්, අසිත, රුසිත්, හෂාන්.. ඔයාලටත් ස්තූතියි මාත් එක්ක මේ අවස්ථාවේ ලඟින් හිටියට!! පුන්චි දෙයක් එකතු කරන්න ඕනේ... මේක මම කියන්නේ හැම දේකම අඩුපාඩු වැරදි හොයන කිහිප දෙනෙක් මේ විනාඩි කිහිපයටත් මේ ගැන ප්‍රශ්න කරපු නිසා. මේ තියෙන්නෙ අනුසර මල්ලිගේ පවුලේ සොහොන. එතන ස්මාරකයේ දැනට තියෙන්නෙ අනුසරගේ සීයගේ නම! අනුසර වෙනුවෙන් හදපු ස්මාරකය තුන් මාසයේ සැමරුමට කලින් එතන ඉදිවෙන බව දැනගන්න ලැබුනා. ආදරණීය ඔබටත්, අඩුපාඩුම පමණක් zoom කර කර බලන ඔබටත් ජයම වේවා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery