මගේ බිරිඳ මට වඩා අවුරුදු 09ක් වැඩිමල් ඒත් ඇස් වහක් නෑ අපි ලස්සනට පවුල් ජිවිතේ විඳිනවා. දිනේෂ් තරංග. (PHOTOS )
දිනේෂ් තරංග කියලා කියන්නේ වර්ට්නාමනයේ සිටින ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බව ඔබ දන්නවා ඇති. දිනේෂ්ගේ ගීත වලට ආදරේ කරන බොහෝ පිරිසක් ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් විස්තර දන්නවා.
විශේෂයෙන්ම විවාහය ගැනත් ගොඩක් පුවත් පසුගිය කාලයේ දකින්න ලැබුනා. කොහොම වුනත් දිනේෂ් විවාහා වෙලා ඉන්න ඔහුට වඩා වැඩිමහල් තරුණියක් එක්ක වීම නිසා ඒ ගැන රටපුරා කතාබහ වෙන්න පටන් ගත්තා. දිනේෂ්ගේ ආදරණිය බිරිඳ තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු. මේ දෙන්නගේ අදර කතාවේ ආරම්භයත් හරිම ලස්සන එකක් සහ දවසක් දිනේෂ් විසින් ඒ පිළිබඳව මේ විදිහට පවසා තිබුනා.
කොහොම වුනත් විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුත් සිටින මේ ආදරණිය යුවල ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කරනවා. ඉතින් මේ යුවලගේ ආදර කතාත් ඔහු වැඩසටහනකදී පවසා තිබුනේ මෙලෙසයි.“අපි දෙන්න ජිවත් වුනේ එකම ගමේ නිසා පල්ලියට එහෙම යද්දී එකට යන්නේ.
ඒ වගේම සංගීත කණ්ඩායම් වලත් අපි දෙන්නම එකට ගීත ගයනා කරනවා.කාලයක් යාලුවෝ වගේ ආශ්‍රය කරලා ඉන් පස්සේ මගේ හිතේ ඇතිවුණු ආදරේ එයාට කිව්වේ වැලන්ටයින් එක දවසේමයි.ඇයත් මට කැමති වුනාට පස්සේ අපි දෙනා කාලයක් ආදරේ කරලා මේ ගැන දෙන්නගෙම ගෙවල් වල අයටත් කිව්වා. එහෙම ආපු ගමන අද විවාහයක් දක්වා ලස්සන මනනක් ඇවිත් ඉන්නවා.
හැමදාමත් එදා වගේම අපි දෙන්නා ආදරෙන් ඉන්නවා කිසිම වෙනසක් වෙලා නැහැ.ගෙදරදී කතාකරන්නේ අම්මි තාත්ති කියලා, එයා මට තාත්ති කියනවා මම එයාට අම්මි කියලා කතාකරනවා. සමහරු අහලා තිබුනා මෙහෙම වැඩිමල් කෙනෙක් එක්ක විවහා වුනේ අයි කියලා. මගේ බිරිඳ මට වඩා අවුරුදු 09ක් වයසින් වැඩියි,
හැබැයි ඒ දේ මටවත් එයාටවත් අදාළ නෑ, වයස කියන්නේ ඉලක්කමක්, ආදරය කියන දේ ඕනෑම කෙනෙක්ට දැනෙන්න පුළුවන්, මගේ බිරිඳට කවුරු මොනවා කිවුවත් මම ඒ කිසිම දෙයක් හිතන්නේ නෑ, කොච්චර නින්දා අපහාස කලත් මට එයාව කවදාවත් එපාවෙන්නේ නෑ, මම ඇයව කවදාවත් නැතිකරගන්නේ නෑ, රිදෙන්න් රිදෙන්න අපේ ආදරේ තවත් ශක්තිමත් වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ ආදරණිය යුවලට තව තවත් ආදරෙන් ඉන්න ලැබේවා කියලා අපි හදවතින්ම සුභ පතනවා.
![Gallery](https://cdn.ibcstack.com/article/18e77bbc-a810-4c20-b460-e7660d8dddb7/22-630a49f665dc2.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/223bfef2-057f-4d7f-9c1a-1ca8572c5cf8/22-630a49f6ae595.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/9e11bcd5-0f10-4f6b-84d8-89dbc44fba5a/22-630a49f6eb80a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/49a41ff7-c75c-45c9-8e0e-fb5011e44deb/22-630a49f7308f7.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/08d81961-35c2-49cb-a256-939c05501bae/22-630a49f76e6b3.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/3e675475-7410-4e52-80b4-f446fa086977/22-630a49f7addec.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/de39b331-44e9-475a-b49e-87cafd2292ec/22-630a49f7e64be.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)