මම කිව්වේ “එක ශ්‍රේණියකට, එක විශයක් සඳහා එක් ගුරුවරයෙකු සිටීම ප්‍රමාණවත් බවටයි” – දිලුම් අමුනුගම

sri lanka Education politics Dilum amunugama
By Sewvandhi Jul 17, 2021 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම (15) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ,

දිවයිනටම එක ගුරුවරයෙකු ප්‍රමාණවත් බවක් තමන් ප්‍රකාශ නොකළ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

තමන් පැවසුවේ එක ශ්‍රේණියකට එක විශයක් සඳහා එක් ගුරුවරයෙකු සිටීම ප්‍රමාණවත් බවත් ZOOM තාක්ෂණය ඔස්සේ එසේ සිදු කළ හැකි බවත් දිලුම් අමුණුගම මහතා පවසනවා.

තමන්ගේ ප්‍රකාශයෙන් කොටසක් පමණක් මාධ්‍ය හරහා ප්‍රචාරය වීම හේතුවෙන් මෙසේ වැරදි වැටහීමක් ඇතිව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ නමුත්, තාක්ෂණික බාධාවන් හේතුවෙන් එය ප්‍රායෝගිකව සිදුකළ නොහැක්කක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ඔන්ලයින් ක්‍රමය අසාර්ථක බවත් පන්ති කාමරය තුල සිදුකරන ඉගැන්වීම් සාපේක්ෂව ඉතා හොද බවත්ය. මෙයට ඇති එකම විසදුම එන්නත්කරණයෙන් පසු නැවත පාසල් අරම්භ කිරීම බව ඔහු පවසනවා.

එමෙන්ම, බස් සංගම් පවා තමන් පවසන දෑ නිවැරදිව වටහාගන්නා පසුමබිමක ගුරු සංගම් තමන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ

ReeCha